Saturday, April 14, 2012

පැපොල දෙයියන්ගෙ ලෙඩක්ද?


පසුගිය සති කිහිපයට පැපොල රෝගය වැළඳුණු රෝගීන් තිදෙනෙකුම දැක ගන්නට ලැබුණා. මේ සටහන තබන්නට සිතුණේ ඒ නිසායි.


 
                                         http://www.fastchickenpoxcure.com/blog/wp-content/uploads/2011/07/chicken-pox-pics-3.jpg


පැපොල දෙයියන්ගෙ ලෙඩක්ද?
නෑ ඒක වයිරසයක වැඩක්




පැපොල රෝගය වැළ‍ඳෙන්නේ කොහොමද?
පැපොල හෙවත් chicken pox රෝගය සඳහා හේතු කාරක වන්නේ වයිරසයක්. (Varicella -zoster virus ). මෙය ඉතාමත් පහසුවෙන් බෝ වීමේ හැකියාවක් පවතිනවා.


රෝගී පුද්ගලයකුගේ පැපොල තුවාල වල ස්‍රාවයන් ඔබගේ සිරුරේ තැවරීම, එමෙන්ම රෝගී පුද්ගලයකුගේ කිවිසුමක්, කැස්සක් මගින් වයිරසය අඩංගු බිඳිති ඔබ තුළට සම්ප්‍රේශනය වීම වැනි ක්‍රම මගින් පහසුවෙන්ම පැපොල වයිරසය ට ගොදුරු වීමට පුළුවන්.


වයිරසය ශරීර ගත වීම සහ රෝග ලක්ෂණ මතු වීම අතර දින 14-21 අතර කාලයක් ගත වෙනවා.


වයිරසය ශරීර ගත වූ රෝගියෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝ වීමේ හැකියාව  වැඩි වශයෙන්ම පවතින්නේ පැපොල රෝගයේ ප්‍රධානම ලක්ෂණය වන බිබිලි දේහයේ හට ගැනීමට පැය 24-48ක් පමණ පෙර කාල සීමාව තුළදීයි.




පැපොල රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතින්නේ කවුරුන් හටද?


වයස් සීමාවකින් තොරව ඕනෑම කෙනෙකු මේ රෝගයෙ ගොදුරක් බවට පත් විය හැකියි. කුඩා දරුවන් හට එතරම් සංකීර්ණ රෝග ලක්ෂණ ඇති කරන්නේ නැහැ. 
නමුත් පැපොල රෝගය වැළඳුන වැඩිහිටියන් විවිධාකාරයේ අතුරු ආබාධ වලට ගොදුරු වුණ අවස්ථා තිබෙනවා. එමෙන්ම දේහයේ ප්‍රතිශක්තීකරනය අඩු පුද්ගලයන් ( දිය වැඩියා රෝගීන්, ඒඩ්ස් රෝගීන්, ප්‍රතිශක්තිය අඩු කිරීම සඳහා ඖෂධ ලබා ගන්නා පුද්ගලයින්....) හට මෙම රෝගය වැළඳුනු අවස්ථා වලදී ප්‍රතිඵල ඉතා භයානක වන්නටත් පුළුවන්.




රෝගය හඳුනා ගත හැකි රෝග ලක්ෂණ මොනවාද?


රෝගයේ මුල් අවධියේදී උණ , සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ ආදිය රෝගියා විසින් අත්දකිනු ලබනවා. 
පැපොල රෝගයට අනන්‍ය වූ බිබිලි මතු වන්නේ ඉන් අනතුරුවයි. සාමාන්‍යයෙන් මුලින්ම මේවා ඇති වන්නේ රෝගියාගේ ළය හා උදර ප්‍රදේශ වලයි. 
දේහයේ වෙනත් කොටස් වලට මේවා පැතිරෙන්නේ ඉන් අනතුරුවයි. මෙසේ ඇති වන බිබිලි විවිධ වයස් මට්ටම් වලින් යුක්තයි. (එනම් ඇතැම් බිබිලි පිපිරී යන මට්ටමට පැමිණ තිබුණත් ඒ වන විටත් අලුතින් බිබිලි මතු වෙමින් තිබෙනවා විය හැකියි.)


                                                   http://jdc325.files.wordpress.com/2011/09/chicken-pox.jpg


පැපොල රෝගය සමගම බැඳී පවත්නා අනෙකුත් අතුරු ආබාධ වන්නේ 
-තුවාල වල බැක්ටීරියා ආසාදන ඇති වී පැසවීම
-වයිරසය මගින් ඇති කරන නිවුමෝනියා තත්ත්වය
-හර්දයේ පේශි වල ඉදිමීමක් ඇති වී මයෝකාඩයිටිස් නමින් හඳුන්වන තත්වයක් ඇති වීම ( තාවකාල්ක)
-මධ්‍ය ස්නායු පද්ධතියට වන බල පෑම (එන්කෙෆලටියිස්- encephalitis )
(මෙම අතුරු ආබාධ බොහොමයක් දක්නට ලැබෙන්නේ වැඩිහිටි පුද්ගලයන්ගේ වන අතර , ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන් හට ඊටත් වඩා දරුණු තත්වයන් ඇති විය හැකිය)




රෝගය වලක්වා ගන්නේ කොහොමද?


මේ සඳහා අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් පවතිනවා. 
-අඩපණ කළ වයිරසය අඩංගු වන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා           ගැනීම. 
   {මේ මගින් බොහෝ විට ජීවිත කාලය පුරාවටම පැපොල සඳහා  ප්‍රතිශක්තියක් ලබාදෙනු ලබනවා. විවිධ ඖෂධ සමාගම් මගින් හඳුන්වා දී ඇති එන්නත් කිහිපයක්ම දැනට ලංකාවේ භාවිත කරනු ලබනවා.}


-අනෙක් එන්නත නම්, පැපොල වයිරසය ශරීර ගත් වූවා යැයි සැක කළ හැකි අවස්ථාවන් වල ලබා ගත හැකි පැපොල වයිරසයට එරෙහි ප්‍රතිදේහ අඩංගු වන එන්නතයි. මේ මගින් ජීවිත කාලය සඳහාම ආවරණයක් ලබා නොදෙන අතර, සාර්ථක ප්‍රතිඵල සඳහා හැකි ඉක්මනින් ලබා ගැනීමද කළ යුතු වනවා.




පැපොල රෝගය සඳහා වන ප්‍රතිකාර මොනවාද?


බිබිලි සෑදීම අඩු කරන්නටත්, රෝගියා ට වන අපහසුතා අඩු කර ඉක්මන් සුවයක් ලබා දීමටත් භාවිතා කරනු ලබන්නේ ප්‍රතිවයිරස ඖෂධයක් වන Acyclovir.
පළමු බිබිල හටගන්නා අවස්ථාවේදීම වෛද්‍ය වරයකු හමුවී මෙය ලබාගන්නවා නම් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. පැපොල රෝගය වැළඳුනු වැඩිහිටියන් සහ ප්‍රතිශක්ති ඌන රෝගීන් මෙය ලබා ගැනීම ඉතාමත් වැදගත්.




බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක් තමයි ගර්භනී අවදියේදී මවට පැපොල රෝගය වැළඳුනහොත් එය දරුවාට කිනම් ආකාරයකට බලපාන්නේද යන්න.
ඇත්තෙන්ම ,ගර්භනී බව සහ පැපොල රෝගය අතර ඇත්තේ කිනම් ආකාරයක සම්බන්ධයක් ද?


මෙය අවස්ථා තුනකට බෙදා විස්තර කිරීම පහසුයි.
-කලලයට සති 28ක් වන්නට පෙර මවට පැපොල වැළඳුනහොත් එමගින් ගබ්සා වීමේ හැකියාවක් ඇති බවට මෙතෙක් වාර්තා වී නැහැ. නමුත් , 1-2%ක පමණ ප්‍රතිශතයක දරුවන් හට (FVS - fetal vericella syndrome  ) නම් තත්වය ඇති වන බවයි සමීක්ෂණ මගින් පෙන්වා දී ඇත්තේ. මෙහිදී දරුවාගේ ඇස්, අත් පා, මොළය, ආහාර මාර්ගය සහ මුත්‍රාශය ආදී අවයව වලට බලපෑමක් ඇති වීමේ හැකියාවක් පවතිනවා.


-දරුවාට සති 28-36 අතර කාලයේදී මවට රෝගය වැළඳුනහොත් ඉන් දරුවාට කිසිදු බලපෑමක් ඇතිවීමේ සම්භාවිතාවය ඉතාමත්ම අඩුයි.


-සති 36න් පසුව මවට රෝගය වැළඳීම  සිදු වුවහොත්, දරුවා උපදින්නෙ පැපොල රෝගියෙකු ලෙස වන්නට පුළුවන්. එසේ නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි


හර්පීස් සොස්ටර් හෙවත් ශින්ග්ල්ස්  (herpes zoster / shingles)


                                    http://www.howtocureshingles.com/blog/wp-content/uploads/2011/07/shingles-images-5.jpg




                                          http://thestar.com.my/health/story.asp?file=/2009/11/22/health/5145574&sec=health

වැඩි ප්‍රසිද්ධියක් නැතත්,සුලභ තත්ත්වයක්. (මේ සඳහා සිංහලෙන් භාවිතා වන වචනය සොයා ගැනීමට අපහසු වුණා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න.)


මෙය ඇති වන්නේ කලින් පැපොල රෝගය සෑදී ඇති පුද්ගලයෙකුටයි.
මුල් වතාවේදී ඇඟට ඇතුළු වන වයිරසය රෝගියාගේ සංවේදන ස්නායු වල ගැංග්ලියා වල ( dorsal nerve root ganglia of the sensory nerves)තැම්පත් වී තිබෙනවා. වයස් ගත රෝගීන්ගේ මෙන්ම ප්‍රතිශක්ති ඌණ රෝගීන්ගේද, මෙසේ තැම්පත් වූ වයිරසය,ස්නායු ඔස්සේ නැවත වරක් සම මතුපිටට පැමුණ ක්‍රියාකාරී වීමට පුළුවන්. එහිදී අදාල ස්නායුව මගින් සංවේදනය සපයන කොටසේ පමණක් රෝගයට අදාල වන බිබිලි මතු වනවා. මෙය ඉතා වේදනාකාරී තත්වයක්. මෙම බිබිලි වල ඇති ස්‍රාවය ද වෙනත් අයෙකුට රෝගය ඇති කිරීමේ ඉහළ හැකියාවක් දරනවා. 

10 comments:

  1. එක පාරක් අපේ යාළුවෙක් දවස් දෙක තුනක් නොදැක හිටියම අපි ඇහුවා මොකද වෙලා තියෙන්නේ කියලා....
    ඌ කියාපි පැපොළ කියලා...
    එහෙම කියපු එකා දවස් දෙකකට පස්සේ ආයෙමත් එනවා.
    උගෙං ඇහුවම කෝ පැපොළ කියලා, පොර කිව්වේ "ඉන්ජෙක්සන්" එකක් ගහලා ගොඩගියා කියලා.
    අපි හිතුවෙම පට්ටපල් කෙබරයක් වෙන්න ඇති කියලා.

    දැං බලද්දී ඒ කතාව ඇත්ත....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සෘතු මාරු වීමේදී පැපොල යුරෝපයේ ගොඩක් බහුලයි,මටත් හැදුනා එක පාරක්,මම ලංකාවට ආපු ගමන්ම,,හැබැයි එදා මට උණ ගැනුනේ නෑ එක බිබිලක් තිබුනා මම නෑවා,ඒ පාර යට ගියා බිබිලි ආවෙත් නෑ,,ඒත් දවස් 5ක් විතර යද්දී උණයි බිබිලි රාශියක් එක්ක පැපොල ඇපල් උනා..හොද කට්ටක් කෑවා, සිංදු පැපොල එක පාරක් හැදුනම ආයේ හැදෙන්නේ නැති කතාව ඇත්තද?
    ඔය ගැබිණි මවුවරුන්ට පැපොල හැදිලා මම දැක්කා මෙහෙදී අපේ නැන්දලා දෙන්නෙක්ට, එයාලව රෝහලේ නවත්තගත්තා ඒ වෙලේ..

    ReplyDelete
  4. වටිනා ලිපියක්!

    ReplyDelete
  5. හැමෝටම දැන ගන්න වටින කරුනු රැසක් සැමටම තේරෙන විදියට ලියල තියනව....!

    ReplyDelete
  6. ‘හර්පීස් සොස්ටර්’ ලෙස හසුන්වන රොගය සාමාන්‍ය ව්‍යවහාරයේ දී එය අංශ පැපොල ලෙස ද හැඳින්වෙනවා.

    ReplyDelete
  7. මටත් හැදිල වගේ බ්න්.. මොකෝ කරන්නේ ඉතින්..

    ReplyDelete
  8. මටත් හැදිල වගේ බ්න්.. මොකෝ කරන්නේ ඉතින්..

    ReplyDelete
  9. මටත් බඩු බනිස් වෙලා ඉන්නෙ බං.තව දවස් 3 විතර දුක් විදින්න වෙනවා

    ReplyDelete